සාගල රත්නායකගෙන් ප්‍රශ්න කළ යුතුයි – අනුර දිසානායක
සමහර දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ වෙනුවෙන් අරමුදල් වියදම් කරණ ප්‍රීමා ආයතනයට සහ සේරන්ඩිබ් ආයතනයට මෙරට තිරිඟු පිටි ඒකාධිකාරියක් සකස් කර දී ඇති බවත් ඔවුන්ගේ මැතිවරණය වෙනුවෙන් මුදල් රැස් කර ගැනීමට ජනතාවට ඉතා අධික මිලකට පිටි මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවා වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් ප්‍රශ්න කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුරද දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමිනි.
එහිදී මේ සම්බන්ධයෙන් ඔහු පල කළ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.
“අද වනවිට දිවයින පුරා බේකරි හයදහසක් පමණ ක‍්‍රියාත්මක වන අතර බේකරි කර්මාන්තය මගින් ලක්ෂ 05ක පමණ පිරිසක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නවා. එසේම ප‍්‍රධාන ආහාරය වන බත් හැරෙන්නට වතුකරයේ ජනතාව ඇතුළු වැඩිම පිරිසක් පාරිභෝජනය කරනු ලබන ආහාර වර්ග ගණනාවක ප‍්‍රධාන අමුද්‍රව්‍යය වනුයේ තිරිඟු පිටියි. මේ අනුව තිරිඟු පිටි මිල පාරිභෝගිකයින් විශාල පිරිසකගේ ජීවන වියදමේ විශාලතම පංගුව වන ආහාර වියදම්වලට ඍජුව බලපාන කරුණක් වනවා. ඔබතුමා දන්නවා ඒක. තිරිඟුපිටි දැනුත්, අපේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩයක්.
මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව 2023.06.14 දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් සහ ආනයන පාලකවරයාගේ 2023.06.16 ලිපිය මගින් ආනයන බලපත‍්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. මා ගාව තිබෙනවා, මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය. මෙම ගැසට් නිවේදනයෙන් තිරිඟු පිටි ආනයනය මුළුමනින්ම තහනම් කර තිබෙනවා. ඒ වගේම ආනයන පාලකවරයා විසින් නිකුත් කළ නිවේදනය මා ගාව තිබෙනවා. ඒ අනුව එය තහනමකට භාජනය කරලා තිබෙනවා. එසේම නව ආනයන බලපත්ර නිකුත් කිරීමක්ද සිදු කර නැහැ. ඒ වෙලාවේදි කිව්වා මේක තහනම් කලාට ආනයන බලපත්ර නිකුත් කරනවා කියලා. නමුත් මේ වනතෙක් එවැනි බලපත්‍ර නිකුත් කරලා නැහැ. ඒ අනුව දේශීය තිරිඟු පිටි අවශ්‍යතාව සපුරාලීමේ කටයුත්ත තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් දෙකක ඒකාධිකාරයට පත් කර තිබෙනවා. තිරිඟු පිටි අනානයනය කරන්න දෙන්නේ නැත්නම් මුලුමනින්ම ප්‍රීමා ආයතනයත් සෙරන්ඩිබ් ආයතනයත් තමයි අපේ රටට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය ඇති කරනු ලබන්නේ. දැන් මේ මුළු තිරිඟුපිටි වෙළඳපොලම ප්‍රීමා ආයතනයේත් සේරන්ඩිබ් ආයතනයේදී ඒකාධිකාරියක්. ගැටලුව වන්නේ ආනයනය කරනු ලබන තිරිඟු ඇටවලින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටි අයුතු ලාභයක් ලබමින් වැඩි මිලකට අලෙවි කිරීමට මෙම සමාගම් විසින් පියවර ගෙන තිබීමයි. ඔවුන් වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑම් 01ක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තරම් ඉහළ මිලකටයි. එසේම ඔවුන් ආනයනය කරනු ලබන තිරිඟු ඇට කිලෝග‍්‍රෑම් 01ක් වෙනුවෙන් රජයට ගෙවනු ලබන්නේ රුපියල් 03ක බදු මුදලක් පමණයි. ඇට කිලෝ එකකට රුපියල් 03ක වගේ බද්දක් ගෙනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 210කට මිල කරලා තිබෙනවා.
කෙසේ වුවද රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළි වන්නේ ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදීයි. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ‍්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමේදී පිටි කිලෝග‍්‍රෑම් 01ක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110ක් පමණයි. රුපියල් 110ට තිරිඟු පිටි කිලෝ එක්ක වරායට ගේන්න පුළුවන් නමුත් මේ සමාගම් මිල තීරණය කරලා තියෙන්නෙ රුපියල් 210ට. ඊට කලින් පනවා තිබූ බදු මුදල වන රුපියල් 35ක මුදලද එකතු කර වෙළඳපොළේ රුපියල් 160ක පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. මොකද පිටි කිලෝ එක්ක ආනයනය කිරිමේදී රුපියල් 35ක බද්දක් තිබ්බා. ඒ බද්දද ඇතුළත් කරලා පිටි කිලෝ එකක් රුපියල් 160කට ලබාදීමේ හැකියාව තිබ්බා. ඒ බද්ද 2023 ජනවාරි මාසයේ තුර්කි තිරිඟු පිටි මෙ.ටො. 01ක මිල ඇ.ඩො. 535ක් වූ නමුත් පෙබරවාරියේ 510ක්ද, මාර්තුවේ 490ක්ද, අප්‍රේල් මාසයේ 440ක්ද, මැයි මාසයේ 377ක්ද, ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇ.ඩො. 355ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 535ක් වුනත් වර්තමානයේ ලෝක වෙළඳපොලේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 355යි. ඒ කියන්නේ 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ පිටි මිල අඩුවෙලා තියෙනවා.
එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ, මාගාව තියෙනවා ලෝක වෙළඳපොලේ වාර්තාව, ඒ වාර්තාව දෙස ඉතා හොඳින් බලපුවාම පේනවා සීග්‍රයෙන් ලෝක වෙළඳපොලේ පිටිමිග සීග්‍රයෙන් පහළ යමින් තිබෙනවා. මේ වාර්තාව අනුව තමයි ලෝක වෙළඳපොළේ 510ක තිබ්බ පිටිමිප 377 දක්වා අඩුවී තිබෙන්නේ. ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙලා තියෙන්නේ. එසේම ජනවාරි මාසයේ ඇ.ඩො. 310ක් වූ තිරිගු ඇට මෙ.ටො. 01ක මිල පෙබරවාරියේ 307ක්ද, මාර්තුවේ 302ක්ද, අප්‍රේල් මාසයේ 292ක්ද, මැයි මාසයේ 279ක්ද, ජුනි මාසයේ 245ක්ද, ජූලි මාසයේ ඇ.ඩො. 238ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ලෝක වෙළඳපොළේ තිරිඟු ඇට මිල අඩුවෙලා තියෙනවා. තිරිඟු පිටි මිල අඩුවෙලා තියෙනවා. ජනවාරි මාසයේ ඇමරිකන් ඩොලර් 310ක් වුනු තිරිඟු ඇට මෙට්‍රික්ටොන් එකක් ජුනි මාසේ වෙනකොට 238 දක්වා විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා. අනෙක් අතට ජනවාරි මාසයේ රු. 362.42ක් වූ ඩොලරයේ අගය ජූනි මාසය වන විට සටහන් වූයේ රු. 301.26ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලැබූ බව සහ ලබමින් සිටින බව ඉතා පැහැදිලියි. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් පිටි මිල අඩුවෙනවා. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් තිරිඟු ඇට මිල අඩුවෙනවා. ඒ වගේම ඩොලරයේ අගයත් 362 සිට 301 දක්වා අඩුවෙලා තිබෙනවා. දැන් මොකක්ද වෙන්න ඕන. මේ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්න ඕනා. හැබැයි ආණ්ඩුව මොක්ද කළේ. ආණ්ඩුව කරපු දේ තමයි ජුනි මාසේ 14 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිරිඟු පිටි ආනයන බලපත්‍ර ලබාදීම නතර කරනවා. එතකොට සේරෙන්ඩ්බ් ආයතනය සහ ප්‍රීමා ආයතනයට ඒකාධිකාරියක් ඇති වෙනවා. මේවා ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ කතා, මේ ආයතනයන් දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ කටයුතුවලට සල්ලි දෙන බව. දැන් මොකක්ද සිදු කළේ. පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොළේ පිටි මිලත් අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගයත් පහළ යමින් තිබියදී පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්ධක් ගහලත් රුපියල් 160ක වැනි මිලකට පිටි කිලෝ එකක් ලබාදෙන්න තිබියදී ප්‍රීමා ආයතනයට සහ සේරෙන්ඩිබ් ආයතනයට මේ පගාව දුන්නේ කවුද? සගල රත්නයකගෙන් ප්‍රශ්න කරන්න ඕනා. මේකය මේගොල්ලො කළේ. එයා එයාගෙ වැඩේ කරන්න. මුදල් අමාත්‍යාංශයේ බදු තීරණය කිරිමේ බලය කොහොමද එයාට ලැබිල තියෙන්නේ?. එයා කොහොමද තීරණ ගන්නේ? එයා කොහොමද බලපෑම් කරන්නේ?
ඒ නිසා අද පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොලේ පිටිමිල අඩුවෙමින් තිබියදී, ඩොලරයේ අගය අඩු වෙමින් තිබියදී වෙළඳපොළේ පිටි ආනයනය මුළුමනින්ම නතර කරලා සමාගම් දෙකක් මත ඒකාධිකාරිත්වයක් හදලා අදත් පිටි කිලෝ එකක් රුපියල් 210යි. ඊයේ (18) රෑ අඩු කරලා තිබෙනවා බේකිරි හිමියන්ට විතරක්. ඒත් මේක දැනගෙන.
මෙවැනි තත්වයක් තුළ දේශීය වශයෙන් සාපේක්ෂ මිල අඩු කිරීමකට බල නොකර සහ ආනයනික පිටි කිලෝග‍්‍රෑම් 01කින් රජයට හිමි විය යුතු රුපියල් 35ක බදු මුදලද අහිමි කර ගනිමින් ආණ්ඩුව තිරිඟු පිටි ආනයන තහනමක් පනවා පාරිභෝගිකයින් සූරාකෑමට පිටි නිෂ්පාදන සමාගම් දෙකකට ඉඩ දී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක්. මොකද පිටි ආනයනයට රුපියල් 35ක බද්දකුත් ගැහුවා. දැන් ඒ බද්දත් නැහැ. පාරිභෝගිකයන්ට සාධාරණ මිලට පිටිත් නැහැ. ඒ නිසා මම දැනගන්න කැමතියි මේ තීන්දු තීරණ ගැනෙන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි මේක තහනම් කරනකොට කිව්වා බලපත්‍ර දෙනවා කියලා. හැබැයි කාටවත් බලපත්‍ර දුන්නෙත් නැහැ.
එසේම පිටි ආනයන තහනම පැනවීමේදී ආනයනය සඳහා බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව ප‍්‍රකාශ වුවද මේ වන තෙක් ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් වී නැහැ. අවම වශයෙන් ලෝක වෙළපොළේ තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මෙම සමාගම්වලින් ඉල්ලීමට පවා ආණ්ඩුව බිය වී සිටිනවාදැයි සැක උපදිනවා. අනික් හැමඑකකටම ඕගොල්ලො පාලන මිලක් දානවා. හැබැයි මේකෙද මොකක්ද 210ට වඩා වැඩියෙන් විකුණන්න බැහැ කියනවා.
මෙම තත්වය තුළ මතුවන පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
- ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල අඩු වෙමින් තිබියෙදී පිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ කවර හේතුවක් නිසාද?
- ප‍්‍රකාශ කර ඇති පරිදි තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ආනයන බලපත්ර නිකුත් කිරීමක් සිදු කරන්නේද? එම බලපත‍්‍ර ලබාදීම සඳහා වන ක‍්‍රමවේදය කුමක්ද?
- ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සහ තිරි`ගු ඇට මිල ක‍්‍රමිකව අඩු වෙමින් තිබියෙදී ආනයනය නතර කිරීමෙන් වෙළඳපොළ තුළ තිරිඟු පිටි ඒකාධිකාරයක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද?
- ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය හා බැඳුණු මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරයෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා පියවර කවරේද?
මේක වැදගත්, ඇයි ආනයනික බලපත්‍ර නතර කළේ? ලෝක වෙළඳපොළේ පිටිමිල අඩුවෙමින් තිබියදී ඇයි අනික් අයට ආනයනය සඳහා තිබුණු අවස්තා අහිමි කළේ? ඒ සමාගම් දෙක ඇට ගෙනල්ලා පිටි කරලා විකුණනවා. ඕනනම් තව ඕන කෙනෙකුට පිටි ගෙනල්ලා විකිනීමේ හැකියාව තිබෙනවා. ඕනන්ම තත්ව පරීක්ෂාවකටත් භාජනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්දක් ගැහුවා. ඒ අර සමාගම් දෙක ආරක්ෂා කරලා දෙන්න. ඒ සමාගම්වලට ගැහුවේ ඇට කිලෝ එකකට රුපියල් 03ක බද්දක්. පිටිවලට ගැහුවා රුපියල් 35ක බද්ධක්. මේ සමාගම් ලේස සමාගම් නෙවෙයි, බහුජාතික සමාගම්. එතක කිසිසේත්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමේ න්‍යායක් නැහැ. අපි සමහර බදු ප්‍රතිපත්තිවලට එකඟයි. අපේ රටේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම සඳහා. මේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම නෙවෙයි. එයින් ලැබෙන අතිරේක ලාබය, ඩොලර් ලෙස අරගෙන යනවා රටෙන් එළියට. ඒ නිසා අනික් අයට ආනයන නතර කිරීමේ නිවේදන නිකුත් කළේ ඇයි? ඒ වගේම ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙමින් තිබියදී තිරඟු ඇට මිල අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගය අඩුවෙමින් තිබියදී ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව වෙන ආකාරයකින් ඒ සමාගම් මුදල් උපයාගැනීම සඳහාත් විවිධ දේශපාලන අධිකාරීන් වෙත මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දෙ සඳහා ෆන්ඩ්එක හදනවා මේ සල්ලිවලින්. මේකයි තියෙන එකඟතාවය. මේගොල්ලො හැම ජනාධිපතිවරණ ඡන්දෙකම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය, නොදන්න කෙනෙක් නැහැ ඒක. මේ මොකක්ද කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේ අරමුදල් සඳහා තමයි මේ පිටි අධික මිලකට පාරිභෝගක ජනතාවට ලබාදෙන්න සිදු වී තිබෙන්නේ.”
@Lanka Truth