ඇල්පිටිය ප්‍රා සභාවේ කාලය දීර්ඝ කෙරේ
ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වනදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
නාමයෝජනා ගැටලුවක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීම ප්‍රමාදවී පැවති අතර සභාපති ඇතුළු සභිකයින්ගේ නාමලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් 04 වන දා ය.
ඒ අනුව ඔවුන්ගේ ධුර කාලය මෙම වසරේ නොවැම්බර් 04 වන දායින් අවසන්වීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් නාමයෝජනා කැඳවීමට පෙර අනෙකුත් ප්‍රාදේශීය සභාවල කාලයද වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පියවර ගත් අතර, ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලයද මෙලෙස වසරකින් දීර්ඝ කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

