Latestදේශීය

පොහොට්ටුවේ පලුවක් රනිල්ට ගලවන ලංසා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා නව දේශපාලන සංධානයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටියි.

මෙම නව සන්ධානය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සියලු සංවිධාන කටයුතු කරමින් සිටින අතර රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටුවීමට ද මේ වන විට සොයා බලමින් සිටී.

මෙම කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් හතළිහක් පමණ එක්ව සිටින බවද වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ සඳහා එක්වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තේරී පත් ව ස්වාධීනව කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගෙන් පිරිසක් සහ ආණ්ඩුවේ සිටින පිරිසක්ද මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *