Latestදේශීය

සියලුම වටිනාම ඉඩම් ආයෝජකයින්ට දෙනවා – අරුන්දික ප්‍රනාන්දු

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු සඳහන් කර තිබේ.

කොළඹ නගරයේ රජයට අයත් ඉඩම්වල සිදු කළ, පසුගිය ආර්ථික තත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන්ට අවසන් දැනුම් දීම සිදුකර ඇති බවද ඔහු පවසයි. ආයෝජකයන් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *