Latestදේශීය

OnmaxDT ප්‍රධානියකුගේ වාහනයක් ගිණිතබයි

පිරමිඩ මුදල් ජාවාරමේ නිරත ප්‍රධානියකුට අයත් මෝටර් රථයකට ගිනි තැබීමක් හේතුවෙන් එය මුළුමනින්ම විනාශ වී තිබේ.

ලක්ෂ තුන් සියයක් පමණ වටිනා මෙම මෝටර් රථයට ගිනි තබා ඇත්තේ හුංගම ප‍්‍රදේශයේ ඔහුගේ නිවස ඉදිරිපිටදීමය.

අදාළ මෝටර් රථය වෙනත් පුද්ගලයකුට විකිණීම සඳහා ගෙන යාමට සූදානමින් සිටියදී මෙම මෙසේ ගිනි තැබීම සිදු කර තිබේ.

පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

අදාළ පිරමිඩ ජාවාරම සඳහා බඳවා ගන්නා ලද විශාල පිරිසකගේ මුදල් ආපසු නොලැබීම හේතුවෙන් කුපිත වී මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ද තොරතුරු වාර්තා වී ඇත.

OnmaxDT නම් නීති විරෝධී පිරමිඩ ආයතනයේ සඳහා මෙම ප්‍රදේශයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරමින් ඇත්තේ මෙම පුද්ගලයා බව ද සදහන්ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *