ඇස්ප්‍රින් භාවිතයෙන් ඉවතට
රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ඇස්පිරින් පෙති තොගයක එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය (ඇස්පිරින්) නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ඇස්පිරින් පෙති නිපදවා ඇත්තේ, කුරුණෑගල එලිබිච්චියේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් මගිනි.
හෘදයාබාධවලට ලක්වීමේ අවදානම සහිත හෝ හෘදයාබාධයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිරවාහිනිවල රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් අත්‍යවශ්‍ය ඖෂධයක් වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

