ඇති තරම් ඉන්ධන සංචිත රජය සතුයි – කංචන විජේසේකර
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක්
පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවය.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක්ද අද පෙරවරුව වන විට රජය සතුව පවතින බව වාර්තා වෙයි.
පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් තිබුණද එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

