Latestදේශීය

කිසිම මැතිවරණයකින් කිසිම පක්ෂයකට 50%ක් ගන්න බැහැ – අකිල විරාජ්

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බැව් කියා සිටියේ (22) දින නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්විම අමතමිණි.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක කැළුම් කරුණාතිලක මහතා විසින් සංවිධානය කර තිබු රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.

නාවලපිටිය නගරයේ ආශ්චර්ය ශාලාවේදි ආසන බල මණ්ඩල රැස්විම පැවැත්විණ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියමිත වේලාවට අවශ්‍ය තින්දු තිරණ ගැනිම නිසා රටේ ජනතාවට සහනයක් ලැබි ඇති බවයි.

රටේ උද්ධමනය මේ වන විට තනි ඉලක්කමක් දක්වා පැමිණ ඇති බවත්, ඉදිරියේදි රටේ ජනතාවට මිට වඩා සහන රැසක් ලැබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විමට එම පක්ෂයේ සමාජිකයන් රැසක් සහභාගි විය.

(රංජිත් රාජපක්ෂ)

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *