පාසැල් චෙස් ශූරයෝ දිවයිනට පැමිණේ
උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර ඉකුත් 13 සිට 21 දක්වා පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02ක්ද, මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක්ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදළිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක්ද දිනා ගත්හ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

