Latestදේශීය

රට බංකොලොත් වීම සොයන්න හොරාගේ අම්මාගෙන් පේන ඇසීම

(සුජිත් හේවාජුලිගේ )

රටේ  ආර්ථික  බංකොළොත්භාවය පිළිබඳ  කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට   විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට  තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා  ලංකාදීපයට පැවැසීය.

ආර්ථිකය සහ  මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් භාවයක් ඇති විද්වතුන් පිරිසක් මෙම මණ්ඩලයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත්භාවයට පත්වීම සම්බන්ධයෙන්   ජනතාවට උපරිම විනිවිදභාවයෙන් යුතුව සත්‍ය තොරතුරු හෙළි කිරීම කාරක සභාවේ අපේක්ෂාව බවද ප්‍රකාශ කළේය.

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා  ඉදිරියේදී රාජ්‍ය ආයතන මෙන්ම යම් යම් පෞද්ගලික ආයතනද කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බලාපොරොත්තු වෙයි.

විශේෂ කාරක සභාව  ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂිත මාර්ග සැලැස්මක්  සකස් කර ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව
සාගර  කාරියවසම් මහතා  වැඩිදුරටත් පැවසීය.

ආර්ථික  බංකොළොත්භාවය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා  දින දෙකක් රැස්විය.

විශේෂ කාරක සභාවේ  සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මෙම  කාරක සභා රැස්වීම්වලට  සහභාගීවීමෙන් වැළකී සිටිති.

ආර්ථික  බංකොලොත්භාවයට වගකිවයුතු පක්ෂයක මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට පත් කිරීම  හොරාගෙ අම්මගෙන් පේන ඇසීම හා සමාන ක්‍රියාවක් බව එම විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *