සමෘද්ධි කෝටි 15000 අවධානමක?
වර්තමාන ආණ්ඩුව හඳුවා දී තිබෙන අස්වැසුම ආධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන විධිමත් වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නැති අතර මෙරට සමෘද්ධි බැංකු පද්ධතියේ පවතින රුපියල් කෝටි 14,850කට ආසන්න වත්කම්වලට සහ එම සමෘද්ධි බැංකුවල පවතින රුපියල් කෝටි 830කට ආසන්න තැන්පතුවලට කුමක් සිදුවන්නේදැයි බරපතල අවදානමක් මතු වි තිබේ.
සමෘද්ධි බැංකු පද්ධතියේ පවතින ජනතාවගේ ඉතිරිකිරීම් සහ වත්කම් පිළිබඳව මෑතකාලීන දත්ත නිල ලේඛනවලින් හෙළි නොවන අතර විගණකාධිපතිගේ වාර්තාවක ඒ සම්බන්ධයෙන් පවතින්නේ 2018 වර්ෂය අවසන් වනවිට පැවති සංඛ්‍යාදත්තයන්ය. මේ අතර අස්වැසුම ප්‍රතිලාභ සඳහා මුල්වටයේදී අයදුම්පත් ලක්ෂ 37ක් ලැබි තිබූ අතර සහනාධාර ලබාදීම ලක්ෂ 20ට පමණක් සිදුකරණ බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි.
ඊට අදාලව තෝරාගත් එම ලක්ෂ 20ට අමතරව 980,000ක් අභියාචනා ඉදිරිපත්කිර තිබු බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරන අතර සමෘද්ධි බැංකු තැන්පත් සහ වත්කම්වලට කුමක් සිදුකරන්නේ දැයි මේ වනතුරුත් හෙළි කර නැත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

