දුම්රිය වර්ජනය දිගටම
දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේය.
අද උදෑසන කාලයේ ද අවංලගු විය හැකි දුම්රිය සම්බන්ධයෙන් පැහැදිලි කරන නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා,
“අද උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් පමණ අවලංගු වෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක්, පුත්තලම් මාර්ගයේ එක් දුම්රියක්, උතුරු දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ලෙස දුම්රිය අවලංගු වෙනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

