අක්කර 50ක ගොයම විනාශවෙයි
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල කොබවක කුඹුරු අක්කර 50 කට පමණ වැළඳුන හඳුනා ගත නොහැකි රෝගයක් හේතුවෙන් බන්ඩි ගොයම කහ පැහැ ගැන්වී විනාශ වෙමින් පවතින බව ගොවීහු ප්‍රකාශ කරති.
මෙවර ඔවුනට රජය මගින් ලබාදුන් යූරියා පොහොර කුඹුරුවලට යෙදවීමෙන් සති තුනක් යන්නට මත්තෙන් මෙම හඳුනා ගත නොහැකි රෝගය බෝව්ගෙන යන බවත් ඒ සඳහා කොතෙකුත් කෘමි නාශක බෙහෙත් වර්ග යෙදුවත් ගොයම යථ තත්ත්වයට පත්ව නැති බවත් ඇතැම් කුඹුරු විශාල ප්‍රමාණයක් අත හැර දැමීමටද සිදුවූ බවද ඔවුන් කියති.
මේ වනවිටත් කුඹුරු අක්කර 50ක පමණ කිරිවදින ගොයම තැනින් තැන කහ පැහැ ගැන්වී කරල්කඩයත් සමග ගොයම දිරාපත්වන බවත් යම් ආකාරයකින් ගොයම සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙවර බත් කන්නට නොහැකි වන බවත් මේ පිළිබඳව අධාල බලධාරීන් දැනුම්වත් කළත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නැතැයි ද කොබවක ප්‍රදේශයේ පාරම්පරික ගොවි මහතකු වූ ගංගොඩවිලගේ අතුල මහතා පැවසීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

