Latestදේශීය

කුසලානෙ බලන්න ජයන්න ධර්මදාස, ශලනි තාරකා අරන් ඕස්ට්‍රේලියවට ගිහින් – හේෂා විතානගේ

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසීය.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා තම පුද්ගලික හිතවතුන් 21 දෙනෙකු ගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රිකට් විධායක කමිටුවේ දාහතර දෙනකුට රුපියල් මිලියන 67 කට අධික මුදලක් වැය කර ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා චෝදනා කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *