හම්බන්තොට වරාය රනිල් විකුණුවා – බන්දුල ගුණවර්ධන
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2015 – 2019 පාලන සමයේ හම්බන්තොට වරය විකුණා ඇති බව ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන හෙළි කර තිබේ.
මෙම හෙළි කිරිම සම්බන්ධයෙන් අද (24) නිකුත්කරන ලද ආණ්ඩුවේ දිනමිණ පුවත්පත “කවුරු ආණ්ඩු කළත් 2048 වනතුරු විදේස් ණය ගෙවන්න වෙනවා.” යන සිරස්තලයෙන් පල කර තිබෙන ප්‍රවෘත්තියෙන් අනාවරණය වේ. එහි පලකර තිබෙන්නේ “මතක තියාගන්න හම්බන්තොට දැවැන්ත වරාය විකුණා අපි හොයාගත්තේ ඇමරිකාණු ඩොලර් මිලියන 400යි. ඒ වගේ දේවල් විකුණා ගෙවන්න අපිට දේවල් නෑ.” ආදී වශයෙනි.
එම වරාව 99 අවුරුදු බදු ක්‍රමයක් යටතේ චීන සමාගමකට දුන් බව එවකට ප්‍රකාශ කළද එදා එම විකිණීමට එරෙහිව සිටි බන්දුල ගුණවර්ධන වැනි පිරිසක් දැන් එම විකිණීම සාධාරණීකරණය කරන අතර ශ්‍රී ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන්ද විවිධ කරුණු ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හැර ශ්‍රී ලංකාවට වෙනත් විකල්පයක් නැති බව සමාජගත කිරීමේ උත්සාහයක යෙදී සිටී.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

