Latestදේශීය

අඛණ්ඩ වැඩ වර්ජනයක් කැදවයි

මෙරට සිදුකරන දැවැන්ත අඛණ්ඩ වැඩ වර්ජනයක ආරම්භය ගැන අද (25) සවස තීන්දු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මේ පිලිබදව අවසන් සාකච්ඡාව සිදුකිරීම අද දිනයේ වෘත්තීය හා සිවිල් සංවිධාන රැස්වී සිදුකරන බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය වෘත්තිකයන් ජන මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට විරෝධය පළ කරමින් සෞඛ්‍යය වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් 24 දිනයේ ඒකාබද්ද පෙත්සමක් අත්සන් කරන ලදී.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදු කළහ.

කෙසේ වෙතත් අදාළ ඒකාබද්ධ පෙත්සම අත්සන් තැබීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ රජයේ හෙද ධාරීන්ගේ සංගමය සහභාගී නොවූහ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *