අපේ රුපියල් ඉන්දියාවේ භාවිතයට එකග වුනා – පාලිත රංගේ බන්ඩාර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී වැදගත් කරුණු රැසක් ගැන එකඟතාවකට පැමිණ පැමිණි බව ශ්‍රී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඉන්දීය රුපියල ලංකාවේ පිළිගැනීමටත් ලංකාවේ රුපියල් ඉන්දියාවේ පිළිගැනීමටත් එහිදී එකඟතාවයක් ඇතිවී ඇති බවද හෙතෙම පැවසීය.
මුදල් සම්බන්ධතාවය පවත්වාගැනීම, බලශක්තිය හා විදුලි සම්බන්ධතාව ඇති කර ගැනීම, ගොඩබිමින් ඉන්දියාව සමඟ මාර්ගයක් ඇති කර ගැනීම වැනි මූලික එකඟතාවයන්ට එහිදී පැමිණි බවත් ඉන්දියාවද මෙහි අවසන් එකඟතාවන්ට පැමිණි පසු පාර්ලිමේන්තුවට යොමුකරන බවත් ඔහු කියා සිටියේය.
ඇතැමුන් මෙම ඇති වී තිබෙන තත්ත්වය ඉන්දියානු ව්‍යාප්තවාදය යයි කියමින් පැරණි ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ල කරනු ඇති බවද හෙතෙම උත්සව සභාවක් අමතමින් තව දුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

