Latestදේශීය

තවත් මාධ්‍යවේදියෙකුට පහර දී මරණීය තර්ජන කරයි

මාධ්‍යවේදී අබ්දුල් තම්සිර් මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේ පහර දීමටකට ලක්ව ඇත.

තම යතුරු පැදිය නවතා තිබුණ ස්ථානයට පැමිණ පිටව යාමට සූදානම් වෙද්දී යම්කිසි පුද්ගලයෙක් පැමිණ ඔහුගේ යතුරු පැදිය හරස් තිබේ.

‘උඹට මාව මතක නැද්ද උඹ අපේ නිවුස් එක එපා කියද්දි ගැහුවා නේද තෝව අද මම මරනවා’ යයි කියමින් එම පුද්ගලයා පිහියක් පෙන්නා ඔහුට ඇන තිබේ.

එහිදී පිහි පහර ඔහු හට වැදි නොමැති අතර අවට සිටි පිරිස් කලබල වීමත් සමග ප‍්‍රහාරයකයා ‘උඹගෙ මරණය අද මිස් වුනා. හෙට අනිද්දා වෙද්දී උඹව වාහනයකින් හරි යට කර මරනවා’ යැයි පවසා පලාගොස් ඇත.

අනුරාධපුර පොසොන් සැණකෙළියේ කඩ බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බව කරන ලද විමර්ශන ප්‍රවෘත්ති ආවරණය කිරීමට යෑමේදී අදාල යතුරු පැදිකරු ඇතුළු මැර පිරිසක් මාධ්‍යවේදියාට මීට පෙර තර්ජනය කර තිබුනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *