Latestදේශීය

ත්‍රිකුණාමලය, ඉන්දියාව සහ රනිල්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වීමෙන් පසුව ඉන්දීය නිල සංචාරයට එක්වීමෙන් විශේෂයෙන් ම ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුමේ කරුණු බීබීසී සිංහල වෙබ් අඩවිය හෙළිකර තිබේ.

එයින් හෙළිවන්නේ බල ශක්ති කේන්ද්‍රස්ථානයක් සහ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය යොදවා ගැනීමට ඉන්දියාවේ තිබෙන උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කරමින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ප්‍රධාන එකඟතාවයන් 07කට රනිල් වික්‍රමසිංහ ගිවිස ගෙන තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවිය ඒ බව හෙළිකරමින් තැබූ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

ත්‍රිකුණාමලයට නව සංවර්ධන සැලැස්මක්

ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පැවසුවේ ය.

ඒ ඔහුගේ ඉන්දීය නිල සංචාරයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඒ අනුව, ත්‍රිකුණාමලයේ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ගිවිසුම් හි අන්තර්ගතයන් පහත දැක්වේ

ඉන්දීය රජය සමග එළඹෙන ලද ගිවිසුම්වලට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම

චෙන්නායි සිට ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් තොටුපොළ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම

ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීම

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම

කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීම

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *