Latestදේශීය

රනිල්ගේ මාධ්‍ය වික්‍රමය නොහොත් සර්ව පාක්ෂික සමුළුව

ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා බව කයමින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) වෙනි දින යොදාගෙන ඇති අතර මෙවැනිම ප්‍රචාරක ව්‍යාපෘතියක් ඔහු අගමැති ධුරය දැරූ 2002 වර්ෂය ආරම්භයේදීද සිදු කර තිබේ.

මෙවර එම ප්‍රචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද (25) නිකුත් කළ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත “සර්වපාක්ෂික සමුළුවට පක්ෂ රැසක්” යන සිරස්තලයෙන් ප්‍රවෘත්තියක් පල කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදු ජන පෙරමු⁣ණේ ඉහළ මට්ටමේ නියෝජිත කණ්ඩායමක්ද සර්වපාක්ෂික සමුළුවට සහභාගී වන බවය. ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා රජය ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බපාපොරොත්තුවන වැඩපිලිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට මෙම සමුළුව පැවැත්වෙන බව එම ප්‍රවෘතියේ දක්වා ඇත.

මෙවැනිම ප්‍රචාරක ව්‍යාපෘතියක් 2002දී සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් 2002 ජනවාරි 14 වෙනි දින දිනමිණ පුවත්පතේ මුල්පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස “සියලු ජන කොටස්වලට පිලිගතහැකි විසඳුමක් ලබාදී සාමය හා භහුමික අකණ්ඩතාවය රැකීමට ඇපකැපවෙමි” යන සිරස්තලයෙන් කරුණු දක්වා තිබිණි

එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මේ රටේ ජීවත්වෙන සියලු ජනකොටස්වලට ජනවාර්ගික අයිතිය පිලිබඳව පිලිගතහැකි විසඳුමක් ලබාදී සාමය සමාදානය හා භමුකි අකණ්ඩතාවය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පෙරමුණු රජය ඇප කැපවී ක්‍රියා කරන බව එජාපයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…” ප්‍රතිඥා දුන් බවය.

එම ප්‍රචාරක ව්‍යාපෘතියෙන් වසර 21කට පසුවද එවැනිම ප්‍රචාරයක් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩු විසින් දියත් කර තිබේ. මෙම වසරේ පෙබරවාරි 04 වෙනි දින පවත්වන ලද නිදහස් සමරු දිනයට ආසන්නයේද රනිල් වික්‍රමසංහ සහ ආණ්ඩුව විසින් ජාතික සංහිඳියාව ගොඩනගන බවට මෙවැනිම ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *