විරංජිත් තාබුගල සොයා පොලිස් මෙහෙයුම් අරඹයි
රාජාංගනය ප්රදේශයේ පැවැත්වූ සංගීත ප්රසංගයය තවත් දින කිහිපයක් පැවැත්වීම සඳහා අවසර ලබා නොදුන්නහොත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ඇදුම ගලවා දමන බවට චෝදනා කළ විරංජිත් තාබුගල අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
සංගීත ප්රසංගයේ රාජකාරි සදහා යොදවා සිටි පොලිස් නිළධාරින්ගේ රාජකාරි පරීක්ෂාකිරීමට රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී ස්ථානාධිපතිවරයාට බැන වැදී මෙලෙස තර්ජනය කර ඇති බව ස්ථානාධිපතිවරයා පොලිස් ලේඛනයන් හී සටහන් යොදා ඇත.
පසුගිය 23 වනදායින් අවසන් වීමට නියමිතව තිබුනු මෙම සංගීත ප්රසංගය සදහා තවත් දින 08ක් ඉදිරියට පැවැත්වීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් විරංජිත් තාබුගල පොලිස් ස්ථානාධිපතිවරයාට මෙලෙස තර්ජනය කර ඇති අතර එම අවස්ථාවේදී තාබුගලගේ ආධාරකරුවන් ද එම ස්ථානයේ සිටි බවට පොලිස්පතිවරයා සදහන් කර ඇත.
පසුගිය කාලයේ විවිධ පාර්ෂව විසින් විරංජිත් තාබුගලගේ දූෂිත ක්රියාකලාප සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් ඉදිරිපත් කළ අතර එම චෝදනාවන් සදහා මේ වනතෙක් තාබුගල විසින් සාධාරණ පිලිතුරක් ලබා දී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

