Latestදේශීය

දේශපාලන ක්‍රීඩා එපා, උතුර ගැන මුලින්ම ජනාධිපතිගේ යෝජනාව දෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලි බවය.

එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද සමගි ජන බලවේගයේ මතයයි.

රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවද අදාළ මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *