දේශබන්දුට එරෙහි නඩුව විභාගයට
බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බවට ඉදිරිපත් කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් මහාධිකරණය විසින් අද (26) විභාගයට ගනු ලැබීය.
මෙම පැමිණිල්ල පසුගිය 2022 වසරේ මැයි මාසයේදී සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන්ට රාජපක්ෂ මැරයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි. පළමුවෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයට එය ඉදිරිපත් කර තිබූ අතර විභාගයට ගැනීම නිෂ්ප්රභා කිරීම නිසා මහාධිකරණයට අභියාචනයක් ලෙස නැවත ඉදිරිපත් කරනු ලැබීය.
පොලිස් ආඥා පනතේ 51, 82 සහ 83 යන වගන්ති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උල්ලංඝණය කර ඇති බවට පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම සේනක මවුලානා ඉදිපත් කර තිබූ අතර ඒ සම්බන්ධ නීතිඥවරිය ලෙස අචලා සෙනෙවිරත්න ඇතුළු ඇතුළු කණ්ඩායමක් ක්‍රියාකරමින් සිටිති.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

