Latestදේශීය

මාලිමාවේ පෙත්සම් විභාගයට

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වීමෙන් ජනතාවගේ පරමාධිත්‍ය බලයත් මූලික අයිතිවාසිකමක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ ඡන්ද අයිතියත් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට ඊයේ (26) තීරණය කරනු ලැබීම මෙරට ඡන්දදායකයන්ගේ ඓතිහාසික දිනයක් බව වාර්තා අතරට එක්වෙයි.

මෙම පෙත්සම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති යන පෙස්තම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන් පසුව ඔක්තෝබර් 02 වෙනි දින සිට එම මස 04, 09 සහ 10 යන දිනයන්හිදී විභාග කර අවසන් කිරීමට තීරණය කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අද දිනය මෙරට ඡන්දදායකයින්ගේ අයිතිය සම්බන්ධයෙන් ඉතිහාස ගත වෙන බව ය. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය අවසානයේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් තහවුරු කිරීමට අදාළ තීන්දුවක් ලබා දෙනු ඇතැයි නීතිඥවරයා වැඩිදුරටත් අපේක්ෂා සහගතව කරුණු දැක්වීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?