පොලීසිය අධිකරණයේ දෝෂදර්ශනයට
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසර සංවේදී කළාපයක් තුළ අත්තනෝමතික ලෙස සැනකෙළි පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය සහ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පරස්පර විරෝධි බව දක්වමින් නොච්චියාගම මහේස්ත්‍රාත් නාලක බන්ඩාර ඉලංගරත්න පොලිසිය දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ.
මෙම අනීතික කටයුත්ත විරංජිත් තාඹුගල නැමැති ව්‍යාපාරිකයාට අයත් අවුරා ලංකා නම් සමාගම විසින් සිදුකර තිබෙන අතර ඔහු රාජාංගය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කර ඇති බවද අධිකරණයට කරුණු වාර්තා වී තිබේ. මෙසේ තිබියදී නිසි ආකාරයෙන් නීත්‍යානුකූලව අදාළ පොලිස් පරීක්ෂණ සිදු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දොස් පවරා ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

