විරංජිත් තාබුගලට ඇප
රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කළ බවට චෝදනාවට ලක්ව සිටින අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලීසිය ඊයේ (26) අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදි. සැකකරු එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඒ අනුව සැකකරු ලක්ෂ 05 බැඟින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
ඊට අමතරව හෙට දිනයේ පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය දැනුම් දී තිබෙනවා.නඩුව යළි නොවැම්බර් මස 29 වනදා කැදවීමටද නියමිතයි.
අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට එලෙස බැන තර්ජනය කර ඇත්තේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංග මාලාවේ කාලය දීර්ඝ කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා අවසර ලබානොදීම හේතුවෙන් බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

