Latestවිදේශීය

යුද්ධයේ වසර 70 සමරන්න කොරියාවෙන් චීනයට සහ රුසියාවට ආරාධනා

ජුලි 24 හා 25 වැනිදා දින රාත්‍රියේ ජපාන මුහුද අවට බැලස්ටික් මිසයිල් මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව(1950-1953) කාලයේ ඇවිලී ගිය කොරියානු යුද්ධය අවසන් වී වසර 70ක් පිරීම නිමිත්තෙන් පවත්වන සැමරුම් උත්සවය සඳහා රුසියාවට හා චීනයට ඇරයුම් කර ඇත. යුද්ධය අවසන් වී වසර 70ක් පිරි ගොස් ඇතත් තවමත් කොරියාව එක් රටක් බවට පත් වී නැත. මෙම ගැටුම උපයෝගී කර ගනිමින් ඇමරිකාව දකුණු කොරියාවේ ආරක්ෂාව හුවා දක්වමින් තම භටයින් 28500ක් එරට තුල රඳවා ඇත.

1953 දී ආරම්හ වූ කොරියානු යුද්ධය උතුරු කොරියාවේ ජයග්‍රහණයෙන් අවසන් වීමට ඉඩ තිබුණත් පසුව එය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ගැටුමට මැදිවූ පාර්ශවයන් මැදිහත් වීමෙන් ජය පරාජයකින් තොරව අවසන් විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය තුල චන්දය විමසීමේදී සෝවියට් දේශයේ නිශේධ බලය පාවිච්චි නොකර සැසිය වර්ජනය කිරීම වාසියට හරවා ගත් ඇමරිකාව කොරියානු යුද්ධයට මැදිහත් වනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුදාවක් ලෙස 350000ක විවිධ රටවලට අයත් හමුදා සාමාජිකත්වයක් සහිතවය.

මෙම යුද්ධයට චීන හමුදා භටයින් ලක්ෂ දෙකක් උතුරු කොරියාවේ සහය සඳහා මැදිහත් වීමත් සමග ඇමරිකානු හමුදා නායක ජෙනරල් MACARTHUR විසින් එවකට ඇමරිකාව පාලනය කල ට්‍රුමාන් පාලනයෙන් න්‍යෂ්ටික අවි ඉල්ලා සිටියත් එම ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ හමුදා නිලධාරියාද ඉවත් කරමිනි. ඒ වනවිට චීන හා උතුරු කොරියා හමුදා දකුණු කොරියාවේ සියුල් නුවර දක්වා තම හමුදා මෙහෙය වීමට සමත් වී තිබිණි. ඉන් පසුව ට්රුමන් පාලනය සිදුවන මිනිස් මරණ, දේපල හානිය සලකා බලා චීනය සමග සාම ගිවිසුමකට එළඹෙන ලදී.

1953 ජුලි 27 වැනිදා චීනයේ හා ඇමරිකාවේ මැදිහත් වීමෙන් යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ විනි. මිලියන දෙකක මිලිටරි හා සිවිල් ජනතාවක් මිය ගිය මෙම ගැටුමෙන් තවත් මිලියන දෙකකට පමණ ජනතාවට උන් හිටි තැන් අහිමි වී තිබිණි. ඇමරිකානු භටයින් 30000ක්, චීන භටයින් 80000ක්, කොරියානු දෙකේ සෙබළුන් 400000ක් පමණ ගැටුමෙන් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා සඳහන් කර සිටි.

1989 සෝවියට් සමාජවාදී කඳවුර බිඳ වැටී වසර 33ක් ගත වී සීතල යුද්ධය අවසන් වී ජර්මනිය එක්සත් වුවත් කොරියානු රටවල් දෙක තවමත් පවතින්නේ ගැටුම් කාරී පරිසරකය. උතුරු කොරියාව සමාජවාදී රටක් ලෙසත්, දකුණු කොරියාව නව ලිබරල්වාදයේ සංකේතයක් ලෙසත් ලෝකයේ පිළිගැනීමට ලක් වී ඇත. එහිදී 2006 සිට උතුරු කොරියාව න්‍යෂ්ටික අවි බලය පවා හිමිකර ගෙන ඇති අතර, ඇමරිකාවේ හා බටහිර බලපෑම හේතුවෙන් දැඩි ආර්ථික හා රාජතාන්ත්‍රික සම්බාධක වලටද මුහුණ දෙමින් සිටි. එහිදී දකුණු කොරියාව න්‍යෂ්ටික අවි බලය අත්පත් කර නොගන්නා ජාත්‍යන්තර ගිවිසුමට(TNP) අත්සන් තබා ඇත.

එහෙත් දකුණු කොරියානු පාලනය උතුරු කොරියාව කුලප්පු කරමින් නිතර නිතර ඇමරිකාව සමගින් හමුදා සංදර්ශන වල නිරත වේ. කොරියානු මහද්වීපය න්‍යෂ්ටික අවි වලින් නිදහස් කරන ලෙස ඇමරිකාව උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියත්, උතුරු කොරියානු රාජ්‍ය නායක kim-il-sung පවසනුයේ ඒ සඳහා සියළු ඇමරිකානු හමුදා දකුණු කොරියාවෙන් ඉවත් කර ගත යුතු බවයි.

යුක්රේන-රුසියා යුද්ධයේදී කොන්දේසි විරහිතව රුසියානු ජනාධිපති පුටින් සමග එක්වී සිටින උතුරු කොරියාව විසින් රුසියානු හමුදා සඳහා ද්‍රෝන හා මිසයිල ලබා දෙන බවට ඇමරිකාවේ චෝදනාවට ලක් වී ඇත. මෙම ගැටුම් කාරී තත්වය තවත් ත්‍රිව කරමින් උතුරු කොරියාව විසින් කොරියානු යුද්ධයට වසර 70ක් පිරීමේ සැමරුම වෙනුවෙන් ජුලි 24 වැනිදා ජපාන මුහුදු සීමාව සමීපය ඉලක්ක කරමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඇමරිකානු හා දකුණු කොරියා යුධ අභ්‍යාශයකට පිළිතුරු වශයෙන් එල්ල කල මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් උතුරු කොරියාව ප්‍රකාශ කරනුයේ යුධ අභ්‍යාශය සඳහා මිසයිල විදින යුධ නැව් යොදා ගැනීම තම රටට එරෙහිව න්‍යෂ්ටික අවි යොදා ගැනීමක් ලෙස තමන් සලකන බවයි.

මේ අතර ජුලි 26 වැනිදා කොරියානු යුද්ධයට වසර 70ක් පිරීමේ සැමරුමට රුසියානු ආරක්ෂක ඇමති serguei Choigou ප්‍රධාන අමුත්තා ලෙස pyongyang නුවරට පැමිණි බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. උතුරු කොරියාව රුසියාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන සමීපතම මිතුරෙකු ලෙස සලකන බව රුසියානු ආරක්ෂක ඇමතිවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. ජුලි 27 වැනිදාට කොරියානු යුද්ධය අවසන් වී වසර 70ක් පිරිම සැමරීම සඳහා හමුදා සංදර්ශනයට චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද සහභාගී වී ඇති බව සදහන්.

මෙම සැමරුම් උත්සවයට සමගාමිව රටවල් තුන අතර ද්විපාර්ශ්වික හා ත්‍රිපාර්ශ්වික ආරක්ෂක, රාජතාන්ත්‍රික හා ආර්ථික ගිවිසුම් රාශියකට අත්සන් කර ඇති බව උතුරු කොරියානු රජයේ මාධ්‍ය අංශය KCNA පවසයි. 2020 කොරෝනා වසංගතයෙන් පසුව තම දේශ සීමා වසා දැමීමෙන් පසුව උතුරු කොරියාව විසින් විදේශ රටවල් දෙකක නායකයින් සඳහා විවෘත කරන ප්‍රථම අවස්ථාව මෙය බව විදේශ මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *