Latestදේශීය

ලංසාගේ පක්ෂය සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාගේ ප‍්‍රධානත්නයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානය සමඟ පාර්ලිමේන්තුවේ පක්ෂ පහක් සාකච්ඡා අවසන් කර ඇති බව මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි.

රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි මෙම නව සන්ධානයේ කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන් සිය මංගල රැලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පවත්වනු ඇති බවත් වාර්තාව කියා සිටි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්ද අමරවීර, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් දැනටමත් ලංසා මහතා හමුවී සන්ධානය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවද සදහන්ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *