පඬු කරඳ ගස ගොඩට ගනී
දාරළුව ප්‍රදේශයේ සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබියදී නීතිවිරෝධීව කපා වළ දමා අති කෲඩියා සෙලනිකා ලෙස විද්‍යාත්මක නායමයෙන් හඳුන්වන පඬුකරඳ ගස එම ස්ථානයෙන් ගොඩගැනීම ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ඊයේ (28) සිදුකෙරිණි.

ඒ අනුව එම ගස ගොඩගෙන විශාල ටිපර් රථයකින් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් පස්වරු 4.30ට පමණ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂිකා රුවනි ගෝමස්ගේ නිරීක්ෂණය යටතේ එය නැවත රෝපණය කරනු ලැබීය.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

