Latestදේශීය

පොහොට්ටුව යටකරගෙන අලියා උඩටම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන්ට අමාත්‍යධූර හිමි නොවුනා කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී සිටීමට හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

තම මතයට එකඟව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට සහාය දීමෙන් පලක් නැති බව බව මෙම පිරිස පෙන්වා දී ඇති අතර මෙතෙක් අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් ද ඔවුන් තම නොසතුට පල කර ඇත.

කෙසේ වෙතත් අමාත්‍යධුර නොලැබුණු පමණින් ජනාධිපතිවරයාට සහාය නොදී සිටීම පොදු ජන පෙරමුණ පෙරමුණේ මතයට කරන හානියක් බව ද තම පක්ෂයට ලැබුන ජනවරම අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

නමුත් ජනවරමට පිටුපා යන තත්ත්වයකට ජනාධිපතිවරයා පත් වූවොත් ඒ ගැන අවධානය යොමු කර ඒ මොහොතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *