හර්දසාක්ෂිය කියන්නෙ මිනිසෙකුට මග කියන මාලිමාව
(චන්දන සිරිමල්වත්ත)
අපේ කාලයේ අවශ්‍යතාව මොකක්ද ? පවතින තත්ත්වය විදග්ධ ලෙස විස්තර කරමින් රචනා ලිවීමද නැත්නම් වෙනස්කම් වෙනුවෙන් පොරබැදීමද?

මාක්ස්වාදී අර්ථයෙන් අවශ්‍ය වන්නේ ලෝකය ගැන දාර්ශනික විග්රහ නොව, ලෝකය වෙනස් කිරීමට වැඩ කිරීමය. නමුත්, එයින් අදහස් වන්නේ පොදුවේ පවතින තත්වය අධ්‍යයනය කිරීම හා අරුත් දැක්වීමෙන් සපුරා ඉවත් වීම නොවේ.
මහේෂ් හපුගොඩ කරමින් ඉන්නෙ මොකක්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණත් මම කියන්නෙ, සහෝදරයා දිගටම ලියන්න. අපි මේක වෙනස් කිරීමේ අරගලයේ දිගටම නිරත වෙනවා.

තරිදු උඩුවරගෙදර සහෝදර මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම ගැන ගොඩක් දෙනා ලියනවා. සමහර ලිවීම්වල තියෙන්නෙ, අපේ කාලයේ ඉල්ලා සිටින මිනිස් මැදිහත්වීම උදෙසා තමන්ගෙන් සිදුවන අඩුව මකා ගන්න සිරගත කළ මිනිසා පාවිච්චි කිරීමේ ස්වරූපයක්.
අනෙකා අර්ථකථනය කිරීමේදී තමන් පවා අර්ථකථනය වෙනවා. ඒක මහෙෂ් දන්නවා ඇති, මම මේක ලියන්නෙත් ඒක දන්න නිසා.
‘හර්දසාක්ෂිය කියන්නෙ මිනිසෙකුට මග කියන මාලිමාව’ කියලා වින්සන්ට් වැන් ගෝ කිව්වා. පින්තූරෙ තියෙන්නෙ Sujith Rathnayake ඒ අදහස කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සාහයක්.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

