අදත් මද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනට නියමිත කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
එසේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

