Latestදේශීය

පැය 4ක් විදුලිය කපන්න වෙනවා – කංචන විජේසේකර

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවත් හෙතෙම කියා සිටියි.

එසේ කලහොත් ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.

එ් අනුව විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් විදුලි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවයි.

එසේ නොකළහොත් ඉදිරියේදී රට තුල ආහාර හිගයක් ඇති වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *