නිෂ්පාදකයින් නම්‍යශීලී නොවුනහොත් දිගටම බිත්තර ගෙන්වනවා
දේශීය බිත්තර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා මෙන්ම බිත්තර මිළ පාලනය කිරීම සදහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය මේ වන විට සිදුවනවා. සතොස අලෙවිසැල් හරහා එම බින්තර අලෙවිය සිදු වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයින් නම්‍යශීලීව බිත්තර මිළ සැලකියයුතු මුදලකින් පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බවයි.
නොඑසේනම් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය සොයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වැනි ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

