ආහාර හිඟයට සූදානම් වෙන්න – මහින්ද අමරවීර
ඉදිරි කාලයේ දී ආහාර හිඟයක් ඇති වූවොත් ඊට මුහුණ දිම සඳහා වගා කළ හැකි සෑම ඉඩමක කෙටි කාලීන ආහාර භෝග වගා කරන ලෙස ගොවීන් උනන්දු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අතරමැද කන්නය සදහා මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද ඔහු දැනුම් දී ඇත.
පවතින නියං තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා හැකියාවක් නැතත් ප්‍රදේශ රැසක අතරමැද කන්නයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවද හඳුනාගෙන තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

