චීන ඉන්ධන තොගය දිවයිනට
චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
සයිනොපෙක් සමාගම සෘජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙන එන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ හේතුවෙන් මෙරට දේශීය මුල්‍යායතනවලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරටට ගෙන ඒමට නියමිත බව සඳහන්ය.
මෙරට චීන තනාපති කාර්යාලය ටිව්ටර් සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000 ක් සයිනොපෙක් සමාගම මඟින් පළමු තොගය ලෙස මෙරටට රැගෙන ආ බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

