පොහොට්ටුව පොඩිකරන අලි මෙහෙයුම දිගටම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාව හම්වීමට ගොස් තිබේ.
වාර්තා වන ආකාරයට පසුගිය 30 වෙනිදා මෙම හමුව සිදු වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා යොදා ගනිමින් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල් වටා එක් කර ගැනීම නවත්වන ලෙස ඉල්ලා ඇත. බැසිල් රාජපක්ෂ සතියක් තුළ දෙවන වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමු වී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ඊට අමතරව පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව අනාවරණය වේ. බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර මෙම හමුවෙන් පසුව නිමල් ලන්සා කැඳවූ ජනාධිපති වික්‍රමසිංහ තවත් වටයකින් තම මෙහෙයුම් වේගවත් කර ඇති බව වැඩිදුරටත් හෙළි වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

