වොයේජර් 2 යානය පෘතුවියෙන් හුදකලා වෙයි
මේ වනවිට වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය බිඳ වැටී ඇතැයි වාර්තා වේ.
මෙලෙස සම්බන්ධතා බිඳ වැටී ඇත්තේ නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් බවත් එය තාවකාලික බිඳවැටීමක් බවත් පැවසේ. එම ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරීයාම නිසා වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය මෙලෙස බිඳ වැටුනු බව පැවසේ.
වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබේ.
මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ.
කිලෝ මීටර බිලියන 19.9ක දුරක සිට පෘථිවියට සංඥාවක් පැමිණීමට පැය 18කට වඩා කාලයක් ගතවන බවද නාසා ආයතනය පෙන්වා දෙයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

