Latestදේශීය

ගෝඨාභයගේ සොනික් ලා දෙදෙනා එජාපය ට

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ සිදුකරනු ලැබූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනා ගෝටාබය රාජපක්ෂ පාලනය සමග එක් වූ අතර එම දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ විසින් බඳවාගෙන තිබේ.

මේ වනවිට මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනාම කැබිනට් මන්ත්‍රී ධුර දරන අතර ඔවුන් පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරඝ කරනු ලැබීය. ඉන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂ පාලනයට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී “සොනික් සොනික්” යන අන්වර්තනාමයෙන් හඳුන්වන බුද්ධි අංශ සාමාජිකයෙකු සහ ගෝටාබය රාජපක්ෂ සම්බන්ධයක් ඇති බව හැඟවෙන ප්‍රකාශ කරනු ලැබීය.

ඉන් පසුව ගෝටාබය රාජපක්ෂ ජනාධිපති විසින් මෙම දෙදෙනාටම රාජ්‍ය ඇමති ධුර ලබා දුන් අතර ඉන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන ආකාරයක හෝ ප්‍රකාශ සිදු කිරීමෙන් වැලකී සිටියහ. මේ දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ අතර පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා භාරදීම නිසා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කර තිබිණි.

ඊයේ (02) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවත වරක් මෙම දෙදෙනාට එම මණ්ඩලයේ සාමාජිකත්වය ලබා දීමට තීරණය කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *