Latestදේශීය

හමුදා සෙබලක් මරුට

ගේස්වෙස්ටන් වතුයායේ ඉහල කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මල සිරුර කදු මුදුනෙන් පහලට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්දව සිටි යුධ හමුදා සෙබලකු හදිසියේ මිය ගොස් ඇත.

02වන දින සවස් කාලයේදි මෙම මල සිරුර එම කදු මුදුනේ සිට පහලට රැගෙන ඒමේදි යුධ හමුදාවේ කෝප්‍රල් වරයකු වන කේ. එම්. එන්. එස්. හේරත් අවුරුදු 37 යන අය හදිසියේ රෝගාතුරවි නුවරඑළිය මහා රෝහල වෙත රැගෙන යමින් සිටියදි එම යුධ හමුදා නිලධාරියා මිය ගොස් ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පැවසිය.

එම හමුදා සෙබලාගේ මරණ පරික්ෂනය 03වන දින නුවරඑළිය මහා රෝහලේදි සිදු කිරිමට කටයුතු යොදා ඇති බවත් මෘතශරිරය මේ වන විය නුවරඑළිය මහා රෝහලේ මෘතශරිරාගාරයේ තැම්පත් කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *