Latestදේශීය

අස්වැසුම සමෘද්ධි අඩපණ කරවන්නක් නොවේ – ශෙහාන් සේමසිංහ

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික අවදානමක් සහිත සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් අවශ්‍ය බවයි.

සමෘද්ධි සහනාධාරය ලැබූ නමුත් අස්වැසුම වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන කටයුතු අවසන්වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබාදීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000ටම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ දීමනාවක් හිමිවන බව සඳහන්.

මීට අමතරව මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා යළි සලකා බැලීමෙන් අනතුරුව ලබන වසර සඳහා වූ නව අයැදුම්පත් භාර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *