සිත් තැවුලට පත් පාර්ශවයන්ගෙන් උමාරා සමාව ඉල්ලයි
ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව සඳහන් කරමින් ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සිය ෆේස්බුක් පිටුවෙන් නිවේදනයක් පල කර තිබේ.
එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසයි.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

