තඹුත්තේගම රිය අනතුරෙන් 4 දෙනෙක් ජීවිතක්ෂයට
අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.
තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව ඇත.
කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබෙන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

