Latestදේශීය

බැසිල් යටකර ලංසා උඩට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විරෝධය නොතකමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමේ කටයුත්ත අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීම දීමේ අරමුණෙන් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීමට නියමිතය.

මෙම නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී සිය නොසතුට පළ කර ඇති බවද වාර්තා විය.

කෙසේ වෙතත් එම තත්ත්ව යටතේ දී ද මෙම කණ්ඩායම් තීරණය කර ඇත්තේ නව දේශපාලන සන්ධානය කිසිදු වෙනසකින් තොරව පිහිටුවීමටය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *