ආන්ඩුවට ලොකු ප්‍රවෘත්තියක් වුනු පොහොර නැවක් පැමිණීම
ලෝක බැංකු ආධාර යටතේ වියට්නාමයේ සිට යූරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් රැගත් නෞකාවක් ඊයේ (04) රාත්‍රියේ කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම යූරියා ග්‍රැනියුලා හෙවත් කැටිති පොහොර සඳහා වී ගොවීන්ගෙන් වැඩිම ඉල්ලුමක් පවතින බවයි.
කෙසේ වෙතත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කොළඹ වරායට පොහොර නැවු පැමිණීම සාමාණ්‍ය දෙයක් බවත් මෙලෙස විශේෂ ප්‍රවෘත්තියක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මාධ්‍ය වෙත ලබා දෙන්නේ රට තුළ පවතින නොවිසුඳුනු උග්‍ර ආර්ථික ආර්ථික අර්බුදයේ තරම කියාපෑමක් වශයෙන් බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

