Latestදේශීය

මේ වසරේ විදුලි ගාස්තු වැඩිකරන්නේ නැහැ

විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද දෙරණ කළ විමසීමක දී පැවසුවේ, මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.

මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේය.

කෙසේවෙතත් මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *