2019 නාමල්ගෙ විවාහයේ ලක්ෂ 26ක විදුලිබිල තවම ගෙවා නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිග මුදල මෙතෙක් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.
වීරකැටිය නිවසට 2019 සැප්තැම්බර් 12 සිට 2019 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ නිවසේ පැවති උත්සවයක් සඳහා විදුලි ජනක යන්ත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි හයකට වැඩි මුදලක් ගෙවිය යුතු ඇති බවද ලිපියේ සඳහන් වෙයි.
@Lanka C News

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

