කංචනගේ නිවසට දැඩි ආරක්ෂාව
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පස් වැනිදා උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි.
අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබේ.
ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට ද සූදානමින් සිටින බව ද දැනගන්නට තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

