Latestදේශීය

ගාල්ල බන්ධනාගාර නිළධාරියකුට ප්‍රහාරයක්

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකුට වැලිගම ප්‍රදේශයේ දී පිරිසක් විසින් පහර දී තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ,අදාළ නිලධාරියා මාතර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක ගමන් කරමින් සිටියදීයි.

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පිරිසක් විසින් ටී-56 ගිනි අවියක් හා තවත් ආයුධ සන්නද්ධව මුහුණු ආවරණය කර ගනිමින් පැමිණ එම නිලධාරියාට පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ ප්‍රහාරයෙන් නිලධාරියාගේ අත් පාවලට හා හිසට බරපතල තුවාල සිදුව ඇති අතර තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට සිදුකළ පැමිණිල්ලට අනුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ගාල්ල බන්ධනාගාරය විසින්ද මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *