Latestදේශීය

පාසැල් ජල කරාමෙටත් බිලක්

(සුජිත් හේවාජුලිගේ )

පාසල් වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන පානීය ජලය වෙනුවෙන් මුදලක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

පාසල්වලට නොමිලේ ජලය ලබා දුන්නත් ජලය අනිසි ලෙස භාවිතා කරන බව නිරීක්ෂණයවී ඇතැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසීය.

ජලය අයථා ලෙස පාවිච්චි කරන එවැනි පාසල් ගණනාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවද ඔහු කීවේය.

පාසලක සිසුන් සංඛ්‍යාව හා අනධ්‍යන හා ගුරුවරු වැඩිවෙන ප්‍රමාණයට අනුමත ජල ප්‍රමාණය වැඩිවෙන නමුත් ඒ ප්‍රමාණයටත් වඩා ජලය වැය වන්නේ නම් අනිවාර්යෙන්ම ගෙවීමක් කිරීමට සිදුවන බවද පද්මනාත මහතා ප්‍රකාශ කළේය.

සමහර පාසල් පානීය ජලය බාහිර කාර්යයන් සඳහා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *